ධම්මිකගේ වාර්තාව දියණිය බිඳියි! – ලංකාවේ ලාබාලතම ව්‍යාපාර අධ්‍යක්ෂකවරියක් ලෙස බ්‍රින්දිනී ව්‍යාපාර ලෝකයට!

Date:

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ගේ වැඩිමහල් දියණිය වන කේ.ඒ. ඩී. බ්‍රින්දිනී පෙරේරා ඒ මහතා යටතේ පවතින ලැයිස්තුගත සමාගම් දහයක අධ්‍යක්ෂක මණ්ඩලවලට පත්ව ඇති බව වාර්තා වේ.

තවමත් 22 හැවිරිදි බ්‍රින්දිනී මෙමඟින් 2000 දශකයේ මුල් භාගයේදී එවකට 33 හැවිරිදි ව්‍යවසායකයකු ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට එළඹි ලාබාලතම සහ විශාලතම ආයෝජකයකු වන තම පියා වන ධම්මික පෙරේරා මහතා ද අභිබවා ගොස් තිබේ.

බ්‍රින්දිනී පෙරේරා මෙනවිය තම පියා යටතේ පැවති Vallibel One PLC, Hayley’s Group සමාගම් වන Haycarb PLC, Dipped Products PLC, Singer Sri Lanka PLC, The Kingsbury PLC, Hayleys Leisure PLC, සහ Hayleys Fabric PLC මෙන්ම Lanka Walltiles PLC, Lankatiles PLC සහ Royal Ceramics PLC වල විධායක නොවන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත්ව තිබේ.

කේ.ඒ. ඩී. බ්‍රින්දිනී පෙරේරා

තම පියාගේ අඩිපාරේ ම ගමන් කරමින් තරුණ ව්‍යාපාරික කාන්තාවක් වශයෙන් බ්‍රින්දිනී ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්නේ, නිෂ්පාදන තාක්ෂණය සහ කළමනාකරණය, ව්‍යවසායකත්වය, ආයතනික මූල්‍යකරණය, සංඛ්‍යායනය සහ ගණිතය වැනි විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන ලන්ඩනයේ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් අතැතිව වීම ද විශේෂත්වයකි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...