*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉන්ධන මිල දිනපතා සංශෝධනය කෙරෙන ක්‍රමවේදයක් – ඇමති කංචන

දැනට සිදුකෙරෙන මාසික ඉන්ධන මිල සංශෝධනය වෙනුවට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කෙරෙන ස්වයංක්‍රීය ක්‍රමවේදයට යාමට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, එය ලබන වසරේ පෙබරවාරි මාසයේ පමණ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“අපි දන්නවා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමක් තියෙනවා. ඒකෙදි පුරෝකථනය කරනවා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 25% – 30% කින් වැඩිවෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි දැනටමත් ඒ පිළිබඳව අවධානය යොමුකරලා සැලසුම් කරලා තියෙනවා අපේ රටේ අවශ්‍යතාවයෙන් තවත් ඉදිරි මාසෙකට ඕනෙ ඉන්ධන ප්‍රමාණය අපි දැන් තොග වශයෙන් පවත්වාගෙන යනවා. මාසෙකට සැරයක් අපි ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී අපේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට දැනටම අරගෙන තියෙන තීන්දුවක් තමයි ඒක මාසෙකට සැරයක් රජය විසින් කරන නිවේදනයකට වැඩිය, ඒ තෙල් බෙදාහරින ආයතන විසින් ඒක දෛනිකව සිදුකරන ස්වයංක්‍රීය වෙනස් කිරීමක් හැටියට තමයි අපි එළඹෙන වර්ෂයේ සිට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan