රනිත්මාට තවත් ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 23, (LNW) කොළඹ :ඉන්දුනීසියාවේ පැවත්වෙන WONDR by BNI Indonesia International Challenge 2024 බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන රනිත්මා ලියනගේ සිය පළමු තරගයේදී තායිලන්තයේ නුට්නාලින් රටානාපනුවොන්ග් වට 2-1 ලෙස පරාජය කරන්නට සමත් වූවාය.විනාඩි 56 ක් පුරා ඇදුණු මෙම තරගයේදී ඇය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ මැදිහත්වීමෙන් පුහුණුවට එකතු වන ඉන්දුනීසියානු සහය ගැන අපූරු චිත්‍රයක් මවා පාන්නට සමත් විය.

කණිටු ලෝක සූරතාවලියේදී ද රනිත්මා බොහෝ වෙලාවක් දරා ගෙන ක්‍රීඩා කිරීමට ඇති හැකියාව පෙන්නූ අතර මේ තරගයේදී ද විනාඩි 56 ක කාලයක් ඇය තරගය තුළ රැඳෙමින් තීරණාත්මක තුන්වන වටය ලකුණු 22-20 ක් ලෙස ජය ගත්තාය.පළමු වටයේ දී තායිලන්ත ක්‍රීඩිකාවට රනිත්මා 14 – 21 ලෙස පරාජය වුව ද දෙවන වටයේදී යළි නැඟිට ලකුණු 21 – 14 න් ම සිය ජය ගමන ඇරඹුවාය.

මේ අනුව හෙට රනිත්මා හා තරග වදින්නේ මෙම තරගාවලියේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටි චීන තායිපේ ක්‍රීඩිකා ලියෑන් ටින්ග්ව පරාජයට පත් කළ අයිෂා සටිවා ය.ඇය ඉන්දුනසියා ක්‍රීඩිකාවක් නිසා මනස හොඳින් තබා ගැනීම රනිත්මා මේ තරගය ජය ගැනීමට බෙහෙවින් වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...