චාලි මෝටෝ සමඟින් ප්‍රංශ ගීතයකින් පිනවෙන්න ඔබටත් අවස්ථාවක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 24,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:ප්‍රංශ ඉලෙක්ට්‍රෝ පොප් ගායක චාලි මෝටෝ දින තුනක සංගීත චාරිකාවක් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔක්තෝබර් 29 වැනිදා කොළඹ, නොවැම්බර් 01 වැනිදා අහංගම, නොවැම්බර් 03 වැනිදා මහනුවර ද සිටින සංගීත ලෝලීන්ට ඇයගේ අපූර්ව හඬ සජීවීව විඳගැනීමට අවස්ථාව සලසා දෙමින් මෙම ප්‍රසංග පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය French Cultural Season 2024 හි කොටසක් වන අතර එය එලායන්ස් ෆ්‍රැන්සයිස් ජාලය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික මුලපිරීමකි. 

හයිපර්පොප් හි නවතම ප්‍රවණතා සමඟින් ජවසම්පන්න ඉදිරිපත් කිරීමක් ඔබට අත්වනු ඇත.

ඇයගේ මෙම උත්කර්ෂවත් සමය මේ වසරේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික දින දර්ශනයේ කැපී පෙනෙන අංගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පළමු ප්‍රසංගය රාත්‍රී 7 ට කොළඹ වෙයාර්හවුස් හි පැවැත්වේ. ඉන් පසුව, මොටෝ නොවැම්බර් 1 වන දින රාත්‍රී 8:30 දර්ශනයක් සඳහා ට්‍රැක්ස් අහංගම වෙත ගමන් කරනු ඇත.

නොවැම්බර් 03 වැනිදා සවස 6.00ට ආරම්භ වන ප්‍රසංගයක් සමඟින් මෙම සංචාරය මහනුවරදී Atelier හිදී අවසන් වේ. 

සියලුම සංදර්ශන මහජනතාවට විවෘත වන අතර ප්‍රවේශය නොමිලේ ය. ප්‍රංශ කලාවේ සුන්දරත්වය විදීමට මහඟු අවකාශයක් මේ ඔස්සේ සමීප වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...