පාස්කු ප්‍රහාරය තවදුරටත් මැතිවරණ වෙන්දේසි භාණ්ඩයක් කරගන්න එපා – ඩලස්

Date:

කොළඹ LNW:මැතිවරණ ඉතිහාසයේ හතරවෙනි වරටත් පාස්කු දින ප්‍රහාරය වෙන්දේසි කිරීමේ සූදානමක් පවතින්නේද යන සාධාරණ විශ්වාසය ඇතිව තිබෙන බව සමඟි ජන සන්ධානය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

ඒ, අද (24) කොළඹදී පැවති සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවේදීය.

”අපේ රටේ මැතිවරණ තුනක ප්‍රධානම වෙන්දේසි භාණ්ඩය විදිහට අලෙවිකළේ පාස්කු දින ප්‍රහාරය. හතරවෙනි වතාවටත් පාස්කු දින ප්‍රහාරය මැතිවරණ වෙන්දේසි පොළේ බොහොම සිල්ලර භාණ්ඩයක් විදිහට අලෙවිකරන්න හන්දවද? සමහර අංශ කරන ප්‍රකාශත් එක්ක එහෙම හිතෙනවා. පාස්කු විමර්ශන කොමිෂන් සභා වර්තාවක චෝදනා එල්ල වෙලා තියෙනවා කියලඑදා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම දෙන්න එපා කියල ඉල්ලීම් කළා. දැන් ඒ ආකාරයටම පොලීසිය භාර ලේකම්වරයාගේ නම සඳහන් වෙලා තියෙනකොට තවත් පොලිස් ප්‍රධානීන්ගේ නම් සඳහන් වෙලා තියෙන කොට ඔවුන්ගේ හැසිරීම වෙනස්. මේක කොහොම කියව ගන්නවද කියල මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නාර්ථ ලකුණු හැමතැනම වැටෙනවා. අවසාන විග්‍රහයේදී අපට හිතෙන්නේ ඉතිහාසයේ මැතිවරණ තුනකදී සිද්ධ වුණා වගේම මේ මැතිවරණ වෙන්දේසි පොළෙත් ප්‍රධාන අලෙවි භාණ්ඩය විදිහට පාස්කු දින ප්‍රාහරය යොදාගන්න හදනවද කියල සාධාරණ විශ්වාසය අපි තුළ ඇති වෙනවා.”

ඒ අනුව සමඟි ජන සන්ධානය ලෙස ඉල්ලා සිටින්නේ තවදුරටත් පාස්කු දින ප්‍රහාරය මැතිවරණ වෙන්දේසි පොළේ වෙන්දේසි භාණ්ඩයක් බවට පත්නොකර වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම ප්‍රමුඛ කාරණය කරගන්නා ලෙස යැයි ඩලස් අලහප්පෙරුම මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...