“සම්භාව්‍ය භාෂාවක් ලෙස පාලි”මැයෙන් විද්වත් සාකච්ඡාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමෙහි විශේෂ සටහනක් තබා ඇත.

ඒ, පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීමට ඉන්දීය රජය ගත් තීරණය, බුදුන් වහන්සේගේ චින්තනය විශ්වාස කරන්නන්ගේ ප්‍රීතියට හේතු වී තිබීම සතුටක් බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහන හා සම්බන්ධ වෙමින් මේ බව පවසා ඇත.

කොළඹ පැවති මෙම වැඩසටහන සඳහා විවිධ රටවලින් සහභාගී වූ විද්වතුන්ට සහ භික්ෂූන් වහන්සේලාට ද සිය කෘතවේදීත්වය පළකර තිබෙන බව වාර්තා වේ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් “සම්භාව්‍ය භාෂාවක් ලෙස පාලි” යන මැයෙන් සංවිධානය කරන ලද විද්වත් සාකච්ඡාව එම මධ්‍යස්ථානයේදී පවත්වා ඇත.

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා මේ සඳහා සහභාගී වූ අතර බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී තිබෙන බව පැවසේ.

ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් සමාරම්භක දේශනය සිදු කළ අතර ඉන් අනතුරුව විද්වත් සාකච්ඡාවක්ද පවත්වා ඇති බව සඳහන් වේ,

මෙම විද්වත් සාකච්ඡාව සඳහා බුද්ධ ගයාවේ දකුණු බිහාරයේ මධ්‍යම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආනන්ද් සිං මහතා වීඩියෝ ඉදිරිපත්කිරීමක් ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...