ඉන්දියාවෙන් ප්‍රබල ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 24,  කොළඹ LNW:

බලාපොරොත්තු වූ දස්කම් අතර නොසිටි ඉන්දීය කණ්ඩායම තිරණාත්මක මොහොතක නොසිතූ විරු නැගිටීමක් පෙන්වමින් නවසීලන්තයට එරෙහිව දැවන්ත ජයක් වාර්තා කරමින් අවසාන කණ්ඩායම් හතර අතරේ සිය ස්ථානය තහවුරු කර ගත හැකි මට්ටමකට සමීප විය.කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායිකාවගේ තීරණයට දරුණු පිළිතුරක් දෙමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායමේ පළමු පිතිකාරිණියන් යුගලය ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 212 ක වාර්තාගත සබඳතාවයක් පැවත්වීය.


ප්‍රතිකා පවෙල් පන්දු 134 දී ලකුණු 122 ක් රැස් කළාය.ලකුණු 109 ක් ලැබූ ස්ම්‍රිති මන්දනා ප්‍රතිකාට වඩා වේගවත් විය.ඇයගේ ලකුණු 109 පැමිණියේ පන්දු 95 දී ය.ලකුණු සොයමින් සිටි ඉන්දීය පිතිකාරිණිය ජෙමීමා රොඩ්‍රිගස් නිදි ගැට බිඳ අවදි විය.පන්දු 55 දී නොදැවී ලකුණු 76 ක් ලබමින් ඇය ඉන්දීය ඉණිමේ පසුභාගය ශක්තිමත් කළාය.මේ තිදෙනාගේ දායකත්වය මත වර්ෂාව විසින් පන්දු ඕවර් 49 ක් දක්වා දිග අඩු කළ තරගයේ ඉන්දීය ඉණිම නිමාවන විට ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 340 ක් ව තිබිණ.
පිළිතුරු ඉණිම අභියෝගකාරී සමීප වීමට දුෂ්කර ලකුණු පූවරුවක් විය.නවසීලන්තයට ඒ සඳහා ගන්නා උත්සාහයට වර්ෂාවද බාධා ඇති කළේය.ඒ නිසා ලකුණු ලබා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය පන්දු ඕවර් 44 දී ලකුණු 324 ක් විය.


එය පහසු නොවිණ.උත්සහ කිරීම තුළ ලකුණු වෙනුවට වැඩිපුර සිඳු වුණේ කඩුලු බිඳ වැටීමය.තරගාවලිය තුළ හොඳ ඉණිමක් දියත් කිරිමට අපොහොසත්ව සිටි අමෙලියා කර් ලකුණු 45 ක් සහ ජෝර්ජියා ප්ලිමර් ලකුණු 30 ක් ලබමින් දෙවන කඩුල්ලට ලකුණු 50 ක් එකතු කළත් මුල් පෙළ ශක්තිමත්ව අභියෝගයට පිළිතුරු දුන්නේ නැත.ඉනික්බිති බෘක් හැලිඩේ පන්දුවට පහර දෙන්නට පැමිණියේ අංක 5 ට ය.අංක 7 ට ආ කඩුලු රකින්නී ඉසබෙලා ගේස් ද ලකුණු 72 ක් හයවන කඩුල්ලට එක් කළාය.හැලිඩේ ලකුණු 81 ක් ලැබූ අතර කඩුලු 8 ක් දැවී ලකුණු 271 ක් ලෙස නවසීලන්ත ඉණිම නැවතෙන මොහොතේත් ගේස් නොදැවී ලකුණු 65 ක් ලබා කඩුල්ලේ සිටියාය.ලබා ගත් ලකුණු 271 ලබා ගත යුතුව තිබූ ලකුණු 324 ට වඩා ලකුණු 53 ක අඩුවක් විය.


ප්‍රවේගකාරී ඉණිමට අමතරව ස්ම්‍රිති මන්දනා වටිනා උඩ පන්දු 3 ක් ද සිය දෝත් තුළ තැන්පත් කර ගත්තාය.පිත්තෙන් සහ පන්දුවෙන් කළ ඒ බලපෑම හේතුවෙන් තරගයේ වීරවරිය වන්නට ඇයට හැකි විය.සමස්ත තරගයේ ලකුණු සටහන පහත දැක්වේ.
https://bit.ly/4hqbrx6

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...