තායිලන්තයේ හිටපු රැජින සිරිකිත් වයස අවුරුදු 93 දී මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඇය 93 වන වියේදී පසු වූ අතර මියයාමට හේතුව රුධිර ආසාදනයක් බව වාර්තා වී ඇත. සිරිකිත් රැජින 2016 දී මියගිය තායිලන්තයේ දීර්ඝතම රජකම් කළ රජ භූමිබෝල් අදුල්යාදේජ් රජු සමඟ දශක හයකට වැඩි කාලයක් විවාහව සිටි අතර රැජින වෙනුවෙන් රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙස වජිරලොන්කෝන් රජු නියෝග කර ඇත.

සිරිකිත් රජිනයේ වියෝව හේතුවෙන් තායි රාජකීය පවුලේ සාමාජිකයින් ද වසරක ශෝක කාලයක් පැවැත්වීමට සුදානම්ව ඇති අතර 1970 දශකයෙන් අනතුරුව සිරිකිත් රැජින කඳුකර ගෝත්‍රිකයන්ගේ ග්‍රාමීය දරිද්‍රතාවය සහ අබිං වලට ඇබ්බැහි වීම ඇතුළු ගැටළු විසඳීම සඳහා සංවර්ධන වැඩසටහන් අඩිය සකස් කරමින් වැදගත් සමාජ මෙහෙවරක් ද ඉටු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත! සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ):...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...