‘ජනාධිපති ට්‍රම්ප් ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් වෙත යැවීමෙන් යුද්ධයක් නිර්මාණය කරන බව’ වෙනිසියුලාවේ ජනාධිපති කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය විසින් ලොව විශාලතම යුද නෞකාව වන USS Gerald R Ford කැරිබියන් දූපත් වෙත යැවීම යුද්ධයක් නිර්මාණයක් කරන බවට වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ ප්‍රකාශ කර තිබේ.

ගුවන් යානා 90 ක් දක්වා රැගෙන යා හැකි USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් කැරිබියන් දුපත් වෙත යවන ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නියෝග කර ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගැනීමේ ව්‍යාපාරයක් ලෙස එක්සත් ජනපදය කැරිබියන් දූපත් වල සිය හමුදා පැවැත්ම වැඩි කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙනිසියුලානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ඔවුන් සදාකාලික යුද්ධයක් නිර්මාණය කරමින් සිටින බවයි.

ට්‍රම්ප් වෙනිසියුලාව තුළ කොකේන් හා අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම් මාර්ග ඉලක්ක කර ගැනීම ගැන සලකා බලමින් සිටින නමුත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රැකවරණය සපයන බවට වොෂින්ටනය දිගු කලක් තිස්සේ වෙනිසියුලාවට චෝදනා කරමින් සිටියි. මදුරෝ ට්‍රම්ප්ගේ දිගුකාලීන සතුරෙකු වන අතර, මදුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක නායකයකු බවට ද එක්සත් ජනපද ජනාධිපතිවරයා ඔහුට චෝදනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...