ඉතිහාසයේ බිහිවු ආදර්ශමත්ම පාර්ලිමේන්තුව හදන්නේ අපි – ජනපති අනුර

0
522

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

එළඹෙන අයවැයේ දී රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකොට ඇති බවත්, ඉතිහාසයේ බිහිවු ආදර්ශමත්ම පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

” රට හදන මාලිමාවේ අපි එකට” ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කහවත්තේදී පැවැත්වුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැලිය පැවැත්වුණු බව වාර්තා වේ.

මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටි බව පැවසේ.