*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය එළිදකියි – ප්‍රතිපත්ති ගැන නොදන්නා නායකයින්ට මනූෂගෙන් කනේ පහරකුත්!

කොළඹ LNW: රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම 2023 – 2027 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) එළිදැක් වුණි.

මෙම කර්තව්‍ය ආරම්භ වී තිබුණේ 2008 වසරේ වන අතර 2015 දී නැවත සකස් කර 2023 වසරේදී එය යළි සමාලෝචනය කර ඉදිරිපත් කර තිබේ.

මෙම ප්‍රතිපත්තිය එළිදැක්වීම කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධන හා සහෝගිතා පිළිබඳ ස්වට්සර්ලන්ත අයතනයේ නිලධාරීන්ගේද සහභගීත්වය ඇතුවය.

ජාතික හා ගෝලීය වශනේ ඇතිව තිබෙන නව ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානාක්කාර මහතා පැවසුවේ රට වැටුණ අවස්ථාවේ රට යළි ගොඩ ගැනීමට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් නොමද සහයක් ලැබුණ හෙයින් ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් උපරිමය කිරීමට තමන් කැප වෙන බවයි.

“අපේ රටේ බොහොමයක් නායකයින් කියල හිතාගෙන ඉන්න අය විදේශ සේවා නියුක්තිකයින් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ගැන මාධ්‍යට කතාකරන ආකාරය මම දැක්කා. ඒත් නායකයින් නම් මේ වෙනකොට තිබෙන ප්‍රතිපත්ති, මේවන විට නිර්මාණය වෙමින් පවතින ප්‍රතිපත්ති ගැන දැනුවත් වියයුතුයි.

මේ අතර නායකයින් යැයි කියන, නායකයින් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදේශ සේවා නියුක්තිකයින් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කියලා කිව්වා. ඒත් ඔහු ඒක යෝජනා කරනකොට 2008 පටන් අරගෙන 2015 නැවතත් සකස් කරලා,2023 යළිත් ඒ පිළිබඳ සමාලෝචනය කරපු සැලැස්මේ සියලු කටයුතු අවසන් කරලයි තිබුනේ. අපිට ඒක ඉදිරිපත් කරන්න විතරයි තිබුනේ. කොහොම වුනත් අද මේ වෙලාවේ, අපිට උදව් කරපු සියලුම ආයතනවලට ස්තූතිවන්ත වෙනවා.

අපේ විදේශගත ශ්‍රමිකයින් තමයි රට වැටුන වෙලාවේ, රට ගොඩගත්තේ. රටේ ඩොලර් සංචිත බින්දුවට වැටුන වෙලාවේ, අපේ රටට උදව් කළේ. ඒ නිසයි ඒ අය වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කරන්නත්, ඒ අය වෙනුවෙන් උපරිමයෙන් සහය දක්වන්නත්, මම කැපවෙලා කටයුතු කළේ.

මේ රටේ ඩොලර් සංචිත ඉවර වෙලා තිබුණ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් රටට ඩොලර් ගේන රාජකාරිය මටත් හරින් ප්‍රනාන්දු ඇමතිතුමාටත් භාර දුන්නා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා මට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය භාර දීලා අපේ රටේ විදේශගත ශ්‍රමිකයින්ගේ දායකත්වයෙන් රටට ඩොලර් ගෙන් කාර්ය භාර දුන්නා. අනිත් පැත්තෙන් අපේ හරින් ප්‍රනාන්දු ඇමතිතුමාට සංචාරක ක්ෂේත්‍රයෙන් රටට ඩොලර් ගේන කාර්ය භාර දුන්නා.

අවුරුද්දකුත් මාස කීපයක් ගතවෙන මේ වෙලාවේදී අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ රටේ බිංදුවට තිබුණ ඩොලර් සංචිතය,ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ගෙන එන්න. ඒ වගේම ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් මේ අවුරුද්දට විතරක් අපේ විදේශ ගත ශ්‍රමිකයින් එවලා තියෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාම වෙහෙස මහන්සි වෙලා, ගිය අවුරද්දේ විතරක් තුන් ලක්ෂ දොලොස් දහසක් විදේශ ගත කළා. අපි හිතනවා මේ අවුරුද්දේ ඒ ඉලක්කය අභිබවා යන්න හැකියාව ලැබෙයි කියලා. අපේ විදේශ ගත ශ්‍රමිකයින් හට අපේ රටට සල්ල එවන්න කියලා ඉල්ලීම් කරන දැන්වීමක් දාන්න හදනකොට ප්‍රසම්පාදන වැඩවලට කාලයක් ගියා. ඒ නිසා අපි අපේ දන්න අයගෙන් උදව් උපකාර අරගෙන විදේශ රටවල ඉන්න අයගේ සල්ලි ටික ලංකාවට එවන්න කියලා ඉල්ලීම් කළා.

ගිය වුරුද්දේ මැයි මාසයේදීම අපි අපේ දැණුම්වත් කිරීමේ වැඩකටයුතු පටන් ගත්තා. අපි කිව්වා ඔබේ දරුවන්ට කාලා බීලා ඇදලා ඉන්න, පාසලට යන්න, විදුලිය දෙන්න, අම්මාට තාත්තාට බෙහෙත් ටිකක්වත් දෙන්න අපිට සහය වෙන්න, ඒ නිසා රටට ඩොලර් එවන්න කියලා. ඒ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමිකයෝ අපිට සහය දුන්නා.

අපේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් ලබාදෙන්න කියලා මම ගිය අවුරුද්දේ දෙවන කාර්තුවේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒත් ඉතාම කණගාටුවෙන් කියනවා අපිට තාම ඒ වැඩේ ක්‍රියාත්මක කරන්න ලැබුනේ නැහැ.

ඒ වැඩේ තාමත් භාණ්ඩාගාරයෙන් මහ බැංකුවටත්, අනික් බැංකුවලින් අපේ අමාත්‍යංශ්‍යයටත් පාවි පාවි තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විදේශග ශ්‍රමිකයින්ට නිවාස හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. අපි ඒ වගේම විදේශග ශ්‍රමිකයින්ට ගුවන් තොටුපොලේදී Hope Gate නමින් වෙනම ගේට්ටුවක් විවෘත කළා.

අපි ඒ අය විදේශවල හිටිය කාලය අනුව වවුචර් ලබා දෙන්නත් කටයුතු කළා. ඒ වගේම ඔවුන්ගේ වැඩිහිටියන්ට සලකන්න කටයුතු කළා. ඒ වගේම අපි මේ අවුරුද්දම විදේශගත ශ්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන්ම කටයුතු කරන්න පියවර ගත්තා.

ගුවන් තොටුපොලේදී විදේශගත ශ්‍රමිකයින්ට තීරුබදු රහිතව සහනයක් ලබා දීම සඳහා මම ගිය අවුරුද්දේ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් යෝජනාවට අනුමැතියත් ලැබුනා. හැබැයි තවමත් අපේ විදේශගත ශ්‍රමිකයින්ට ඒ තීරු බදු සහනය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදකයින් විදිහට අපි ප්‍රතිපත්ති තීරණ ගන්නවා, ඒත් අවසානයේදී අර අමාත්‍යංශයෙන් මේ අමාත්‍යංශයට, එක එක කාරණා නිසා අපි හිරවෙලා ඉන්නවා.

මේ අතර අපි ශ්‍රමිකයින්ට වාහන ආනයනය කරන්න අවස්ථාව දුන්නා. රටට කවදාවත් සල්ලි එවපු නැති ඕස්ට්‍රේලියාව,කැනඩාව වගේ රටවල් වල හිටිය අයත් අපිට සල්ලි එව්වා. ඒ සල්ලිවලට අනුව අපි බැංකු හොදින් පරීක්ෂා කරලා විදුලි වාහන ගේන්න බලපත්‍රයක් දුන්නා. හැබැයි වෙළෙදපොලේ තියෙන ප්‍රශ්නවලටත් අපේ ඇතැම් රාජ්‍ය ආයතනත්,ඇතැම් දේශපාලඥයින්ගේ නොදැනුවත්කම නිසාවෙන් තීරු බදු සහන දුන්නේ ඇයි? බොහෝ අය අහන්න පටන් ගත්තා. ඒත් අපි කිසිම අවස්ථාවක බදු සහනයක් දීලා නැහැ. අපි වාහන ආනයනය කරන්න බලපත්‍රයක් විතරයි දීලා තියෙන්නේ. අපි අවශ්‍යම වෙලාවේ රටට තෙල් ටික,ගෑස් ටික ගන්න උදව් කරපු අයටද අපි මේ අඩු සැලකිල්ල කරන්නේ? ඒවා ගැන අපි කල්පනා කළයුතුයි.

කොරෝනා වෙලාවේ මිනිස් බෝම්බ කිව්ව විදේශගත ශ්‍රමිකයින්ගේ තත්ත්වය උසස් කරලා ඔවුන්ට නිසි ගෞරවය දීලා ඒ අය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කලා. අපි ඒක හෙටත් කරනවා. අපි යන වේගයට කටයුතු කරගෙන යන්න විදේශ සහ ජාත්‍යන්තර ආයතන සහය දෙනවා. ඒත් රට ඇතුලේ තියෙන ආයතනවල ඇතැම් නිලධාරීන් මේ වැඩේ ක්‍රියාත්මක නොකර ඉන්න එකයි මේ වගේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තියෙන ලොකුම අභියෝගය.
මේක තමයි ජාතික ප්‍රතිපත්ති හදන හොදම වෙලාව. මේක පක්ෂ ආණ්ඩු මාරු වුනාට වෙනස් නොවන ප්‍රතිපත්තියක්. ඒකට සියලුදොනටම සහය දෙන්න කියලා මම ඉල්ලනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan