ශ්‍රී ලංකාව වෙනුවෙන් නිබඳව කැපවෙනවා – ජූලී චන්ග්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය විසින් , ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාධාරණත්වය සහ විනිවිදභාවයේ වැදගත්කම අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වූ අතර , IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් මහ බැංකුවට ප්‍රශංසා කළ තානාපතිවරිය, ස්ථාවරත්වය සහ වර්ධනය වැඩිදියුණු කරන සාධාරණ සහ විනිවිද පෙනෙන ආර්ථික පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට එක්සත් ජනපදය නිරන්තරයෙන් කැපවන බවද අවධාරණය කළේය.

ඒ පිළිබඳ ඇය ඇගේ ‘X’ ගිණුමේ මෙසේද සටහන් කර තිබුණි.

“අද, මහ බැංකු අධිපතිවරයා සමඟ මගේ සාකච්ඡාවේදී මම IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට මගේ සුබපැතුම් පළ කළ අතර, දෙවන IMF වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයේ ප්‍රගතිය සනිටුහන් කළෙමි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාධාරණත්වයේ අවශ්‍යතාවය මම ශක්තිමත් කළෙමි: සියලුම ණය හිමියන්ට සමාන සහ සාධාරණ සැලකීම අත්‍යවශ්‍ය වේ. සම්බන්ධ වන සෑම පාර්ශ්වයකින්ම විනිවිදභාවය ඉතා වැදගත් වේ. එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කරමින් සාධාරණත්වය, විනිවිදභාවය, අඛණ්ඩතාව අගය කරන ආර්ථික පරිසරයක් සඳහා අප කැපවී සිටිනවා”

ලෙස ජූලි චන්ග් මහත්මිය කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...