සචිනික සහ පංචාලි කැන්ඩි බැඩ්මින්ටන් සූරතා දිනයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 27, (LNW) කොළඹ:මැක්ෆොයිල්, මොබිල්, ලී නින්, 3M සහ GAC යන ආයතනවල අනුග්‍රාහකත්වය මත පැවති,ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධික්ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි අංශයේ ඒකල ශූරතාව සවිනක වීරසේකරටත් ,කාන්තා විවෘත ඒකල ශූරතාව පන්චාලි අධිකාරිටත් හිමි වුණා.

තරගාවලිය පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස මහනුවර, රජවැල්ල, දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත් වුණා. පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයේදී සවිනක වීරසේකර විසින් සනුද ඉමල් ආරියවංශ ලකුණු 21-14ක් සහ 21-15ක් ලෙස පරාජයට පත් කළා. පන්චාලි අධිකාරි කාන්තා විවෘත ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 20-22ක්, 21-12ක් සහ 21-14ක් ලෙස සෙනදි දහම්සා ද සිල්වා පරාජය කරමින් ශූරතාවය දිනා ගනු ලැබුවා.

තෙනුක සත්සර ද සිල්වා සහ තරූෂ මධුබානු පරාජය කරමින්, ලකුණු 21-10ක්, 19-21ක් සහ 21-17ක් ලෙස,මෙම තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව ඉන්දුනීසියාවේ ඇලන් දර්මසාපුත්‍ර සහ මාර්සිලෝ විටෝරියෝ විසින් දිනා ගනු ලැබුවා.ලකුණු 21-16ක් සහ 21-12ක් ලෙස නිලසි සියාරා බාලසූරිය සහ ජනනුවනි අමන්දා ද සිල්වා විසින් හසිනි නුසාකා සහ හසාරා විජයරත්න පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගන්නට සමත් වුණා.
ඇලන් දර්මසාපුත්‍ර සහ පන්චාලි අධිකාරි විසින් විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනිමින්,ලකුණු 19-21ක්, 24-22ක් සහ 21-12ක් ලෙස මාර්සිලෝ විටෝරියෝ සහ රනුමි සුහස්නි මානගේ පරාජය කළා.
මෙම තරගාවලියේ අවුරුදු 19න් පහළ තරග අංශයේ බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට රෙෂාන් හරිත් දිඹුක්වැල්ලගේ සමත් වූ අතර රුක්ෂිකා බාස්කරන් එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශුරතාව දිනා ගැනීමට සමත් වුණා.රිතිර සෙන්දිල් අභයගුණවර්ධන සහ තෙනුල් රන්සජ ගනේවත්ත විසින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශූරතාව දිනාගත් අතර, මෙතුලි අමායා නවරත්න සහ මිනූෂා අභිමානි පද්ම බණ්ඩාර බාලිකා යුගල ශූරතාව දිනා ගත්තා.

විවෘත, කනිෂ්ඨ, කනිෂ්ඨ (ආධුනික), ජ්‍යෙෂ්ඨ සහ පළඟ ශූරතා වශයෙන් තරග අංශ 5ක් ඇතුළත් තරග පැවැති කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදලින් රුපියල් ලක්ෂ හතහමාරක තෑගි මුදල් ද, සහතිකපත්, කුසලාන සහ පදක්කම් ද පිරිනැමීමට කටයුතු යොදා තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලම පසු...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...

නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...