රටේ ආරක්ෂාව ශක්තිමත් – මහජන ආරක්ෂක අමාත්‍ය

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

රට තුළ ආරක්ෂක තත්ත්වය ඉතාම ශක්තිමත්ව සකසා ඇති බවත්, කිසිදු ආකාරයක බියක් සැකක් ඇති කර ගත යුතු නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කිරිබත්ගොඩ පැවති වැඩසටහනකින් අනතුරුව, අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්,

“ආරක්ෂක තත්ත්වය ඉතාම ශක්තිමත්ව අපි හදලා තියෙනවා. කිසිදු ආකාරයක බියක් සැකක් ඇති කර ගත යුතු නැහැ. විදේශීය සංචාරකයින්ට යම් අනතුරක් වෙයි කියන පණිවුඩයක් තමයි අපිට ආවේ. ඒක ආපු වෙලාවෙ ඉඳලම අපි සියලුම ආරක්ෂක විධිවිධාන ශක්තිමත්ව ස්ථාවර කළා. ඒක නිසා දැන් කිසිදු ආකාරයක බයක් සැකක් ඇති කරගත යුතු නැහැ. කටකතා හෝ විවිධ ප්‍රචාරවලට අහුවෙන්න එපා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැන් රටේ තත්ත්වය ශක්තිමත් ස්ථාවරයි. ආරක්ෂක තත්ත්වය ඉතාමත් ශක්තිමත්ව තියෙනවා. ඒ වගේම සංචාරකයින්ටත් නිදහසේ සංචාරක කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් අපි දැන් ඇති කරල තියෙනවා” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

සෙත්මික පන්දු යවන්නන් අතර මුල් තැනට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

අද (14) කාලගුණය වෙනස්වෙන හැටි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...