චීනයේ හිටපු අග්‍රාමාත්‍ය Li Keqiang හෘදයාබාධයකින් මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 68 හැවිරිදි වියේ පසුවූ චීනයේ හිටපු අග්‍රාමාත්‍ය Li Keqiang, අද (27) දින අලුයම Shanghai හිදී හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 වසරේ අගභාගය වන තුරුම නාමිකව චීනයේ අංක 2 නායකයා වූ Li, ප්‍රබල නායක Xi Jinping යටතේ 2013 සිට මේ වසරේ මාර්තු දක්වා දශකයක් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආර්ථිකය භාරව කටයුතු කළේය.

ඔහු පාලනයේ සිටි කාලය තුළ, එක්සත් ජනපදය සමග නැගී එන තාක්‍ෂණය සහ වෙළඳ ආතතීන්, රජයේ ණය සහ විරැකියාව සහ Covid-19 වසංගතය යන අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් හරහා Li ලොව දෙවන විශාලතම ආර්ථිකය තුළ ක්‍රියාකිරීමට සමත් වූ බව ද වාර්තා වේ.

එරට කැපී පෙනෙන චරිතයක් වූ Li රැකියා ඉහළ නැංවීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට දරන ප්‍රයත්නයන්ට ඔහු සහය වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, Li විදෙස් රටවල පෙනී සිටීමේදී, ඔහුගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව නිසා, රට වඩ වඩාත් හුදකලා වී ඇති අවස්ථාවක, ලෝකය සමග චීනයේ සබඳතා සඳහා වෙනස් ප්‍රවේශයක් නියෝජනය කිරීමට සමත් වූ නායකයෙක් වූ බවයි .

කෙසේ වෙතත් අවසන් කටයුතු පිලිබඳ කිසිඳු දනුම් දීමක් මෙතෙක් වාර්තා වී නොමැත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...