චීනයේ හිටපු අග්‍රාමාත්‍ය Li Keqiang හෘදයාබාධයකින් මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 68 හැවිරිදි වියේ පසුවූ චීනයේ හිටපු අග්‍රාමාත්‍ය Li Keqiang, අද (27) දින අලුයම Shanghai හිදී හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 වසරේ අගභාගය වන තුරුම නාමිකව චීනයේ අංක 2 නායකයා වූ Li, ප්‍රබල නායක Xi Jinping යටතේ 2013 සිට මේ වසරේ මාර්තු දක්වා දශකයක් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආර්ථිකය භාරව කටයුතු කළේය.

ඔහු පාලනයේ සිටි කාලය තුළ, එක්සත් ජනපදය සමග නැගී එන තාක්‍ෂණය සහ වෙළඳ ආතතීන්, රජයේ ණය සහ විරැකියාව සහ Covid-19 වසංගතය යන අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් හරහා Li ලොව දෙවන විශාලතම ආර්ථිකය තුළ ක්‍රියාකිරීමට සමත් වූ බව ද වාර්තා වේ.

එරට කැපී පෙනෙන චරිතයක් වූ Li රැකියා ඉහළ නැංවීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට දරන ප්‍රයත්නයන්ට ඔහු සහය වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, Li විදෙස් රටවල පෙනී සිටීමේදී, ඔහුගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව නිසා, රට වඩ වඩාත් හුදකලා වී ඇති අවස්ථාවක, ලෝකය සමග චීනයේ සබඳතා සඳහා වෙනස් ප්‍රවේශයක් නියෝජනය කිරීමට සමත් වූ නායකයෙක් වූ බවයි .

කෙසේ වෙතත් අවසන් කටයුතු පිලිබඳ කිසිඳු දනුම් දීමක් මෙතෙක් වාර්තා වී නොමැත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...