අද හවස ගුරු වෘත්තීය සමිති විරෝධතාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත පවසයි.

පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය.

තවද, රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද (27) දිනයෙන් අවසන් වන බවත් තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වනදා යළි ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ අනුව ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තුළ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු හිමිව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...