වීසා නොමැතිව කුවේට් ගිය අයට සිදු වූ දේ..

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද 27 දින , දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් , එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙරටට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසක් වන අතර , එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට පොලිසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අද 27 දින උදෑසන 06.30 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ ගෘහ සේවකයින් 04 දෙනෙකු ඔවුන් අතර සිටි අතර , මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක සිටි බවට වාර්තා වේ.

මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුරය , පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් වන බවත්, කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවීම සිදු කර ඇතැයි වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...