*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න නිමල් ලංසාත් හේතුවක් – සනත් නිශාන්ත

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාට කුඩු ගංජා හා හෙරොයින් ගැන හසළ දැනුමක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එනිසා නාමල් රාජපක්ෂ මහතා සමඟ විවාදයකදී නිසැක වශයෙන්ම ඒ පිළිබඳව ලංසා මහතා තරග කර ජය ගනු ඇති බවද පැවසූ ඔහු නාමල් රාජපක්ෂ මහතාට එවන් විෂයන් ගැන කිසිදු දැනුමක් නැති බවද කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට නිමල් ලංසා මහතාද හේතුවක් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලංසා මහතාගේ නිවසේ මත්ද්‍රව්‍ය තිබිනු බවට ලද තොරතුක් මත ඔහුගේ නිවස වැටලීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු බේරා ගැනීමට මැදිහත් වූ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වු බවත්, එය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට සෘජුව බලපෑ හේතුවක් බවද ඔහු කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ ඊයේ (26) රාත්‍රියේ පැවති වැඩසටහනකදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan