උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක නව ව්‍යාපෘතියේ මත්ස්‍ය බාධක දැල් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයට අයත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 270ක මුදලක් වෙන් කර තිබේ.

මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 17.5ක ආයෝජනයකින් වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ප්‍රධාන වැව් 12ක් සඳහා මත්ස්‍ය බාධක දැල් ලබාදීම මෙහිදී සිදු කෙරිණි. මිරිදිය ධීවර කර්මාන්තය සඳහා වැව් හා ජලාශවලට මුදාහරින මත්ස්‍ය පැටවුන්, වර්ෂා සමයේදී වැව් වාන් දැමීම හේතුවෙන් පිටතට ගසාගෙන යාම වළක්වා ගැනීම මෙම බාධක දැල් යෙදීමේ ප්‍රධාන අරමුණය. ඒ හරහා මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවර ජනතාවගේ අස්වැන්න සහ ආදායම ඉහළ නැංවීමට ඍජු දායකත්වයක් ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...