BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව අද (28) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ හිටපු අමාත්‍යවරයා වරද පිළිගෙන ඇත.

ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව නොවැම්බර් 11 වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

කොළඹ පෞද්ගලික හෝටලයක රථගාලක අත්හැර දමා තිබියදී මෙම මෝටර් රථය හමුවී තිබූ අතර එය බදු පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ එකක් බවත්, එය ලියාපදිංචි නොකර, ව්‍යාජ අංක තහඩු යොදාගෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් භාවිතා කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්යවරයාව 2024 ඔක්තෝබර් මාසයේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර පසුව ඔහු ඇප මත නිදහස්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...