උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක නව ව්‍යාපෘතියේ මත්ස්‍ය බාධක දැල් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයට අයත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 270ක මුදලක් වෙන් කර තිබේ.

මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 17.5ක ආයෝජනයකින් වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ප්‍රධාන වැව් 12ක් සඳහා මත්ස්‍ය බාධක දැල් ලබාදීම මෙහිදී සිදු කෙරිණි. මිරිදිය ධීවර කර්මාන්තය සඳහා වැව් හා ජලාශවලට මුදාහරින මත්ස්‍ය පැටවුන්, වර්ෂා සමයේදී වැව් වාන් දැමීම හේතුවෙන් පිටතට ගසාගෙන යාම වළක්වා ගැනීම මෙම බාධක දැල් යෙදීමේ ප්‍රධාන අරමුණය. ඒ හරහා මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවර ජනතාවගේ අස්වැන්න සහ ආදායම ඉහළ නැංවීමට ඍජු දායකත්වයක් ලැබේ.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට දිස්ත්‍රීක් ලේකම්තුමන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිළධාරීන් පිරිසක් සහ ග්‍රාමීය ධීවර ජනතාවද සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

​ආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල්

කොළඹ LNW:''භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි...

සුව සේවාවට අලුතෙන් 223 දෙනෙකු එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස...

හංගේරියාව සෙලවූ මහා දූෂණ විමර්ශනය: වනාන්තරවල වලදමා තිබූ ඩොලර් මිලියන ගණනක අභිරහස

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: ඝන අන්ධකාරය රජයන රාත්‍රී...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය...