කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්රී ලන්කන් ගුවන් යානයක් යළි කටුනායකට ගොඩබස්වා තිබේ.
කටුනායක ගුවන් තොටුපොළෙන් අද (28) දින දහවල් 12.55 ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා එම ගුවන් යානය පිටත්ව ගොස් ඇති අතර පිටත් වී සුළු මොහොතකින් කුරුල්ලෙකු හා ගැටීම නිසා ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන ඇත.
මෙම ගුවන් යානය ඒ – 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර එහි කුඩා ළමුන් සිව් දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 269 කු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 සිට ඇත.
මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසු නිරුපද්රිතව එහි සිටි ගුවන් මගීන් බස්සවා ඔවුන් වෙත සංග්රහයක් සිදු කිරීමට ශ්රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
අනතුරුව මෙම ගුවන් මගීන් තවත් වෙනත් ගුවන් යානයකට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම ගුවන් යානය එංගලන්තයේ හීත්රෝ ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතයි.
එසේම අනතුරට පත් ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර තිබේ.

