ආධුනික වායු රයිෆල් සහ පිස්තෝල තරග

Date:

මීට පෙර වායු පිස්තෝල සහ වායු රයිෆල් ඉසව්වලට සහභාගි නොවූ නවක තරගකරුවන් සඳහා පැවත්වෙන ආදුනික වායු පිස්තෝල සහ රයිෆල් තරගාවලිය ඊයේ (ඔක්තේම්බර් 27 වන දා) නාවල ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන පිටියේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය ඔක්තෝම්බර් 30 නිමාවට පත්වීමට නියමිත අතර එම ඉසව්වලින් දක්ෂතා ඇති නවක ක්‍රීඩකයන්ට විශාල අත්වැලක් වනු ඇති බව එම සම්මේලනය අවධාරණය කරනවා.
මීටර 10 වායු රයිෆල් සහ මීටර් 10 වායු පිස්තෝල ඉසව්වෙන් විවෘත, යොවුන් සහ කනිෂ්ඨ කාණ්ඩ යටතේ පිරිමි සහ කාන්තා තරග කොහුවල වෙඩි තැබීමේ ස්ථානයේ ස්ථාන 10කදී පැවැත්වේ. කොටස් තුනකට වයස් ඛාණ්ඩ පදනම් කරගෙන තරග බෙදා දක්වා ඇති අතර යොවුන් කාණ්ඩය වයස අවුරුදු 18 ට අඩු තරගකරුවන් සඳහා වන අතර කනිෂ්ඨ අංශය වයස අවුරුදු 18 ත් 21 ත් අතර තරගකරුවන් සඳහා වෙන් කර තිබෙනවා. විවෘත අංශය වයස අවුරුදු 21 ට වැඩි තරගකරුවන් සඳහා වෙන්වෙනවා.
වත්මන් ජාත්‍යන්තර වෙඩි තැබීමේ සම්මේලන නීති රීති අනුව තරඟය පවත්වනු ලබන අතර, ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හරහා මෙම තරගාවලියට ඉදිරිපත්වීමට පහසුකම් සළසා දී තිබෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...