හොංකොං සය සාමාජික තරගාවලියට ලහිරු ගේ නායකත්වයෙන් කණ්ඩායමක්

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 29,(LNW) කොළඹ :

නොවැම්බර් පළමුවැනිදා හොංකොං හී දී ආරම්භ වන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලහිරු මධුශංකට පවරා තිබෙනවා.එම ක්‍රීඩක සංචිතයට ලහිරු ගේ නායකත්වය යටතේ ලහිරු සමරකෝන්,නිමේශ් විමුක්ති,සඳුන් වීරක්කොඩි,ධනංජය ලක්ෂාන්,තරිඳු රත්නායක සහ තනුක දාබරේ ඇතුළත් කර තිබෙනවා.


නොවැම්බර් පළමු වැනිදා ශ්‍රී ලංකාව ඕමානය සමඟත් බංගලාදේශය සමඟත් තරග කරන්නට නියමිතව තිබෙනවා.නොවැම්බර් 2 සහ 3 යන දෙදින මූලික වටයේ කණ්ඩායම් දක්වන දක්ෂතා අනුව තරග වැදීම පෙළ ගැසීමට නියමිතයි.තරගාවලියට ශ්‍රී ලංකාව,ඕමානය,බංගලාදේශය,පකිස්තානය,ඉන්දියාව,එංගලන්තය,දකුණු අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,එක්සත් අරාබි එමිර් රාජ්‍යය,නේපාලය සහ සත්කාරක හොංකොං කණ්ඩායම් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...