මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී මැර කල්ලි භාවිතා කරමින් අපරාධකරුවන් ඝාතනය කළ බව ඩුටර්ටේ පිළිගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ මත්ද්‍රව්‍යවලට එරෙහි ඔහුගේ ඊනියා යුද්ධය තුලදී මැර කල්ලි බාවිතා කරමින් අපරාධකරාවන් ඝාතනය කිරීමට කටයුතු කළ බවට පිළිගෙන තිබේ.

ඩුටර්ටේ 2016- 2022 දී විශාල ඡන්දයකින් ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ අපරාධ විරෝධී ජාතික ප්‍රතිපත්තිය තුළ රටපුරා පැවති මත්ද්‍රව්‍ය යුද්ධය නිසා ආන්දෝලනාත්මක පොලිස් මෙහෙයුම්වලින් සැකකරුවන් දහස් ගණනක් මිය ගිය අතර මේ වන විට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබේ.

79 හැවිරිදි ඩුටර්ටේ සිය පළමු සක්ෂියේදී සඳහන් කර තිබුණේ, ඔහු විසින් නිර්මාණය කළ මැර කල්ලියක් මඟින් අපරාධකරුවන් ඝාතනය කළ බවත්, තමා මත්ද්‍රව්‍ය වලට වෛර කරන බවත්, ඔහුගේ ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න නොකරයුතු බවත්, මන්ද ඔහු සමාවක් හෝ නිදහසට කරුණු ඉදිරිපත් නොකරණ අතර තමා කළ යුතු දේ කළ බවත්,එය කළේ සිය රට වෙනුවෙන් බවත්ය.

ඩුටර්ටේගේ ධුර කාලය තුළ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී පොලිසිය සහ නාඳුනන ප්‍රහාරකයින් විසින් 6,252 කට වැඩි පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර අයිතිවාසිකම් කණ්ඩායම් පවසන්නේ සංඛ්‍යා ඇත්ත වශයෙන්ම දස දහස් ගණනක් දක්වා දිව යා හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...