හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර සිටි හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (28) සවස ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවාගෙන සිටි 29 හැවිරිදි තරුණයකු පසුගියදා මියගොස් තිබුණු අතර ඔහුගේ ඥාතීන් දැඩි ලෙස චෝදනා කළේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කළ පහරදීම් හේතුවෙන් එම තරුණයා මියගොස් ඇති බවටය.

මේ තරුණයා අසනීප තත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇති බවක් මුලින් පැවසූ පොලීසිය පසුව එල්ල වූ විරෝධතා හමුවේ හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම් කළේය.

මරණයට පත් තරුණයාගේ පවුලේ ඥාතීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ දිනයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබූ අතර එය විභාගයට ගත් හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය, සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...