සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු එරටින් පිටව ගිය අන්ත දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමෙරිකාවේ මියාමි නුවර බලා ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
ඔක්තොබර් මස 26වන දින බ්රසීලයේ පැවති නිල මැතිවරණ ප්රතිඵල අනුව ලූලා සිල්වා වලංගු ඡන්දවලින් සියයට 51.75ක් ලබාගත් අතර, ෆ්ලාවියෝ බොල්සොනාරෝට හිමිවූයේ සියයට 48.25ක ඡන්ද ප්රතිශතයකි.
ජනධිපති ලූලා සිල්වා සිවුවන වරටත් ජනාධිපති ධූරය වෙනුවෙන් තේරී පත් වීමත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ ඔක්තෝබර් 27 වැනිදා රාත්රියේ බ්රසීලයේ සිට ආර්ජන්ටිනාවට ඇතුළු වී තිබේ. ඉන් අනතුරුව ඔවුන් පෞද්ගලික ගුවන් යානයකින් ඉක්වදෝරයේ ගුවායාකිල් නගරය වෙත ගොස් ඇති බව ආර්ජන්ටිනා සංක්රමණ බලධාරීන් තහවුරු කර ඇත.
පසුව එම ගුවන් යානය මියාමි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත පෙන්වා දේ.
ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ පියාවන බ්රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ (Jair Bolsonaro) මේ වන විට වසර 27ක සිර ඳඩුවමක් විඳිමින් සිටින අතර බ්රසීල ශ්රේෂ්ඨාධිකරණය විසින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධ විමර්ශනයක් අතරතුර ඔහුගේ විදේශ ගමන් බලපත්ර භාර දෙන ලෙස නියෝග කර තිබූ අතර, නියමිත කාලය තුළ එම නියෝගය පිළිපැදීමට අපොහොසත් වීමෙන් පසු ඔහුගේ බ්රසීල විදේශ ගමන් බලපත්ර අවලංගු කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අතිශය හිතවතෙකු වන ජෙයාර් බොල්සනාරෝගේ පුත්රයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ජාත්්යන්තර මාධ්ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

