පාසල් සිසුවෙකුට වෙඩි තැබූ පොලිස් SI රිමාන්ඩ් !

Date:

මාතර, තිහගොඩ ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා නොවැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (29) දිනයේදී ඔහුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

පාසල් සිසුන් පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් හඹාගෙන ගොස් නවතා පරීක්ෂා කිරීමට යාමේදී ඉහත කී උප පොලිස් පරීක්ෂකවරයාගේ පිස්තෝලය ක්‍රියාත්මක වී අදාළ සිසුවාට වෙඩි වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති එම 14 හැවිරිදි සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...