චීනයෙන් තවත් සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමක්!

Date:

කොළඹ LNW:චීනයේ බෙයිජිං වේලාවෙන් අද(30) පෙරවරු අලුයම ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය රැගත් ලෝන්ග්මාර්ච් අංක 2-FYao 19 වාහක රොකට්ටුව දියත් කෙරුණි.

ඒ ජියුචුවාන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙනි. නියමිත කක්ෂයට ප්‍රවේශ වූ යානය දියත් කිරීමේ මෙහෙයුම සාර්ථක වූ බවයි චීනය පවසන්නේ.

නියමිත සැලැස්මට අනුව අදාළ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග ස්වයංක්‍රීයව සම්බන්ධ කෙරෙනවා. අනතුරුව ෂෙන්චෞ 19 ගගනගාමීන් එහි මේ වනවිට රැඳී සිටින ෂෙන්චෞ 18 ගගනගාමීන් සමග සේවා මාරුව සිදු කිරීමට ද නියමිතයි.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් ෂෙන්චෞ 19 ගගනගාමීහු මොඩියුලයෙන් බැහැර අභ්‍යවකාශයේ සිට ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ක්ෂුද්‍ර ගුරුත්ව පරිසරයේ භූමී තත්ත්වය නිරීක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල පරීක්ෂණ සිදු කිරීමටත්, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුන්බුන්වලින් ආරක්ෂා කරන උපකරණ සවි කිරීම ඇතුළු මෙහෙයුම්වලටත් සම්බන්ධ වීම මෙම මෙහෙයුමේ දී අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...