*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

මහින්ද සහ බැසිල් එක්ක අපි ඕනෑම මැතිවරණයකට සූදානම් – දිනුම ගැනත් විශ්වාසයි!

කොළඹ LNW: මෙතෙක් පැවති ජන්ද සියල්ලම ජයග්‍රහණය කළ පක්ෂයක් ලෙස ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් සූදානම් බවත් මැතිවරණවලට බයේ පැන යන පක්ෂයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය.

ඒ,අද (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීමෙන් ශක්තිමත්ව ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි කාරියවසම් මහතා පැවසුව්.

සමාජ මාධ්‍ය මොන දේ පවසුවද ගමේ ජනතාවගේ සහය සිය පක්ෂයට ලැබෙන බවට විශ්වාසයක් ඇති බව ඔහු කියා සිටියේය.

කවුරු මොනවා පැවසුවද 49 වසරක් පුරා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමට උත්සහ කළද ඊට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඒ ගැන වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිටින බවට විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

රටක් ලස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට දේශපාලන අත්දැකීම් මත ඒ මොහොතේ හැකියාව තිබුණේ වික්‍රමසිංහ මහතාට වන අතර ඒ අනුව රට ගැන සිතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල කැපකිරීමක් කර තිබෙන බවයි ඔහු තවදුරටත් අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan