LA28 එරෙයිද ගොඩ යයි ද

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 31, (LNW) කොළඹ: ලොස් ඇන්ජලීස් නුවර 2028 දි පවත්වන්නට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල මූල්‍යම ගැටළුවලට මුහුණ දි තිබෙන බවත්, වාර්තා අනුව, LA28 තවමත් අනුග්‍රාහකත්ව ගනුදෙනුවලින් ඩොලර් බිලියන 1ක් පමණ හිඟ බවත් වාර්තා වෙනවා.එහෙත් නොවැම්බර් 5 වන දා පැවත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ඇමෙරිකානු රජය ද ලොස් ඇන්ජලීස් මත සියලු බර නොදෙමින් 2028 ඔලිම්පික් උළෙල සඳහා ආධාර දක්වනු ඇතැයි විශ්වාසය පළ වෙනවා.

පැරීසිය කාබන් දහනයෙන් විය හැකි හානිය උපරිමයට අවම කර ගනිමින් පැවත් වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආදර්ශයට ගෙන පෙරට ගෙන යාම කෙරෙහි 2018 ඔලිම්පික් උළෙලේ සංවිධාන කමිටුවද තවත් පියවරකින් ඉදිරියට ගෙන යාමට උථ්සාහ කරමින් සිටිනවා.කෙසේ නමුත් දැඩි කාර්ය බහුල බහු විධ ක්‍රියාකාරකම් සහිත ලොස් ඇන්ජලීස් නුවර පැවත්වෙන මෙම තරගාවලියේ දී එවැනි පරිසර හිතකාමී තත්ත්වයක් නිර්මාණය කිරීම පහසු වන්නේ නැහැ.

ප්‍රවාහනය සඳහා වන පහසුකම් ගැන ද ඔවුන්ට යහපත් අදහසක් තිබෙන බව පෙනෙන්නට නැහැ.ලොස් ඇන්ජලීස් නගරාධිපතිණිය නගරාධිපති කැරන් බාස්, නගරයේ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම් සඳහා ආයෝජනය කරන බවට සහතික වූ අතර ඇය පවසන්නේ උළෙලේ ප්‍රවාහන සැලැස්මට එක්සත් ජනපදයේ අනෙකුත් ප්‍රදේශවලින් බස් රථ 3,000 කට වඩා ණයට ගැනීමට අවශ්‍ය වනු ඇති බවයි.
ලොස් ඇන්ජලීස් නගරය තුළ ඇති වන තදබදයේ පීඩනය අවම කරවා ගැනීමට අසළ තිබෙන Carson සහ Inglewood ඇතුළත් වේ, Pasadena, Temecula සහ Oklahoma City වැනි නගරද ක්‍රීඩාවන් හී බිම් බවට පත් කිරීමට සංවිධායකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.එවැනි ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමු වී ඇති බවට හොඳම සාක්ෂියක් ලෙස දැක්විය හැක්කේ සැන්ටා මොනිකා හි සුප්රසිද්ධ වෙරළ තීරය පදනම් කරගෙන බීච් වොලිබෝල් සඳහා ආසන 12,000 ක ව්‍යාපෘතියක් කෙරෙහි අවධානය යොමු කර තිබීමයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියේ සංවිධාන කමිටිුවේ ප්‍රධානත්වය දරන ලොස් ඇන්ජලීස් නුවර නගාරධිපතිණි කරෙන් බාස් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අවස්ථාවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය