රෆා ප්‍රදේශය විවෘත වන බවට අනාවැකි!

කොළඹ LNW: තුවාල ලැබූ පලස්තීන ජාතිකයින්ට ගාසා තීරයෙන් පිටවීම සඳහා රෆා ප්‍රදේශය අද විවෘත කරනු ඇති බවට විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබූ පලස්තීන ජාතිකයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙලෙස ගාසා ඊජිප්තු දේශසීමාව විවෘත කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ගාසා තීරයේ රෝහල් තුනෙන් දෙකක් පමණ අක්‍රීය වීම හේතුවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම දැඩි අපහසු තත්ත්වයක් බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි.

එබැවින් බරපතල තත්ත්වයේ පසුවන්නන්ට පළමුව රෆා ප්‍රදේශයෙන් ඊජිප්තුවට ඇතුළු වීමට අවසර ලබාදීමට නියමිත බව කියවෙයි.

ඊශ්‍රායලය සහ හමාස් ගැටුම් හේතුවෙන් මේ වා විට 9000ක ආසන්න පිරිසක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...