ආර්ථික යුක්තිය ඉල්ලා වෘත්තියකයින් අද පාරට!

Date:

කොළඹ LNW: ආර්ථික යුක්තිය ඉටුකරදෙන ලෙස බලකරමින් අද (01) දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ආදායම් බදු ඉහළ දැමීමට රජය ගත තීරණය හේතුවෙන් වෘත්තිකයින් ඉතා දැඩි අසීරුතාවන්ට පත්ව තිබෙන අතර මතුව තිබෙන දුෂ්කරතා හේතුවෙන් බොහෝ දෙනෙක් රට හැර දමා ගොස් තිබෙන බවද වෘත්තිකයින් පසුගිය කාලය පුරා ප්‍රකාශ කරන ලදී.

කෙසේවෙතත් ඔවුන් මුහුණ දී සිටින තත්ත්වය සහ විශේෂයෙන් බදු ප්‍රශ්නය විසඳන ආකාරය ගැනත් යෝජනා ඉදිරිපත් කර තිබියදී රජය එය නොසලකා හරිමින් සිටින බවටයි වෘත්තිකයින් චෝදනා කළේ.

පවතින තත්ත්වය ගැන වෘත්තිකයින් පසුගියදා මෙරටට පැමිණි සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟද සාකච්ජා කර තිබුණි.

එමෙන්ම ජනාධිපතිවරයා සමඟද ඔවුන් විශේෂ සාකච්ජා පැවැත්වූ නමුත් මෙතෙක් සිය ඉල්ලීම් ගැන යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේ.

ඒ අනුව මෙම නොවැම්බරය තුළ රජයට දැනෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...