*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අනුර කියන්නෙම බොරු – සමන් රත්නප්‍රිය

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ ණය හා ආර්ථිකය ගොඩනගන ආකාරය ගැන ඇමරිකාවේදී පැවසූ කරුණු සාවද්‍ය බව ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කරයි.

රටේ ණය ගෙවීම සම්බන්ධයෙන් ඔහු කරන යෝජනාව දැනටමත් ජනාධිපතිවරයා විසින් ඉටුකර තිබෙන බවයි රත්නප්‍රිය මහතා පවසන්නේ.

අනුර දිසානායක මහතා ජනතාවට ආමන්ත්‍රණය කරමින් හිඳින්නේ ආර්ථිකය සහ ලෝකය සම්බන්ධයෙන් නොදැනුවත්කම සමඟ බවද ඔහු කියා සිටියි.

”අනුර කුමාර දිසානායක ඇමරිකාවට ගිහිල්ලා ආර්ථිකය හදන විදිය කියනවා අපි දැක්කා. ඔහු කියනවා ලංකාවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන තිහක් කියලා. ඒ වගේම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41යි කියලා. ඒ වගේම ලංකාවෙ තිබෙන මිනිරන් ග්‍රැපයිට් කරලා ආර්ථිකය හදන්න පුළුවන් කියලා කියනවා. මේ තුනම ඉතාම සාවද්‍ය ප්‍රකාශ බව කිව යුතුයි. ආර්ථිකය පිළිබඳ කිසිදු දැනීමක් නැහැ,කියන දේ එකෙන් තේරෙනවා. අපේ ණය අද වෙද්දී ට්‍රිලියන 27යි. ඩොලර් බිලියන හතළිස් එකක් කියන එක වැරදියි. ඩොලර් බිලියන අසූ හතරයි දසම හයයි. ඒ තුළ දේශීය ණය සහ විදේශීය ණය තියෙනවා. දේශීය ණය ට්‍රිලියන 12 යි. විදේශීය ණය ට්‍රිලියන 15යි.ඩොලර් වලින් කීවොත්, දේශීය ණය ඩොලර් බිලියන 42යි. විදේශීය ණය ඩොලර් බිලියන හතළිස් දෙකයි දසම හයයි. ට්‍රිලියන 27ක ණය,ට්‍රිලියන තිහයි කියන්නේ අති විශාල වැඩිවීමක් කියන එක තේරුම් ගත යුතුයි. ඒවගේම සභාවෙන් අහනවා මේ ණය ගෙවන්න ක්‍රමවේදය මොකක්ද කියලා. එතකොට මෙයා කියනවා, මේ ණය විවිධ කොටස්වලට කඩන්න පුළුවන්. දේශීය ණය, විදේශීය ණය, ස්වෛරී බැඳුම්කර,විදේශීය ද්විපාර්ශික ණය,විදියටයි. චීනය ඉන්දියාව සහ ජපානයට තමයි වැඩිපුර ණය තියෙන්නේ. මේක මේ රටවල් එක්ක සාකච්ඡා කරලා වෙනස්කමකට භාජනය කර ගන්න පුළුවන් කියලා කියනවා. අනුර කුමාර ඒක ඇමරිකාව ගිහිල්ලා කියද්දී රනිල් වික්‍රමසිංහ ඒක කරලා ඉවරයි. ජනාධිපතිවරයා ජපානයට ගියා. සාකච්ඡා කළා. පැරිස් සමාජයත් එක්ක සාකච්ඡා කළා. ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම අවසානයට චීනෙට ගිහින් සාකච්ඡා කළා. ණය ප්‍රශස්තකරණවලට එකඟකරගත්තා. අනුර කුමාරට කරන්න වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ කරන දේ තමයි කියන එක තේරෙනවා.

මේ රට දියුණු කරන්න පුළුවන් දේශීය සම්පත් වලින්. මේ රටේ මේවා තියෙනවා, අරවා තියෙනව,කියලා කිව්වා. ආයෝජනවලින් දියුණු කරන්න පුළුවන් කියන එක කිසිවිටෙක කිව්වේ නෑ. දැන් එකත් කියනවා.ඒ වගේම මිනිරන් වලින් ග්‍රැපයිට් හදන්න පුළුවන් කියලා කියනවා. මිනිරන් වලින් ග්‍රැපයිට් හදන්න දෙයක් නෑ. මිනිරන් කියන්නේ ග්‍රැපයිට්ම තමයි. මිනිරන්වලින් හදන්න පුලුවන් ග්‍රැෆින්. මේවා පටලාගෙන ඇමරිකාවට ගිහින් ලෝකෙට කියන එක මොන තරම් ප්‍රශ්නයක්ද කියන එක තේරෙනවනෙ. සාමාන්‍යයෙන් මිනිරන් ටොන් එකකින් ග්‍රැෆීන් හදන්න පුළුවන් කිලෝ හතරක් පහක් වගේ. දැනට කරන්නේ සාමාන්‍යයෙන් අපනයන භාණ්ඩයක් විදියට යවන එක විතරයි. ග්‍රැපින් බවට පත් කරන්න විශාල මිලක් යනවා. තාක්ෂණය මිල අධිකයි. එකපාරක් ඔය වගේම කිව්ව පරණ වාහන වගයක් පෙන්නලා, මේ වාහන විකුණල අපිට ඩොලර් ගේන්න පුළුවන් කියලා. ලෝකෙ පරණ වාහන ගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් යකඩවලට විකිණීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේ වාහන අපි වගේ අග්නිදිග ආසියානු රටවල් අරගෙන ඇවිල්ල නැවත විකුණනවා. ඒ නිසා ආර්ථිකය සහ ලෝකය ගැන නොදැන කරපු ප්‍රකාශ බව පේනවා.” යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan