සටහන – රුවන් නෙළුගොල්ල
ඊයේ (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව,
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490ක් වේ.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424කි.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් මිල ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397ක් වේ.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 543කි.
භූමිතෙල් මිල සංශෝධනය කර නොමැති අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285ක් වශයෙන් පවතී.



