එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අතර හමුවක්

Date:

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සුහද හමුවක් ඊයේ (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දිය හැකි ආකාර සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවේදී මාර්ක් අන්ඩ්‍රේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අදහස් හුවමාරු කරගනිමින් ශ්‍රී ලංකාවේ අභිලාශයන් ඉටු කරදීමට තමන් බලාපොරොත්තු වන බව ය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන 21ක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් මාර්ක් අන්ඩ්‍රේ මහතා අදහස් දක්වමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව නීති ගෝලීය අවශ්‍යතාවයක් බවද පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සමග අදහස් සහ යෝජනා හුවමාරු කරගැනීම සඳහා සහයෝගය ලබා දෙන බවද එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...

වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිත අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර...

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...