ශ්‍රී ලංකාව අවසාන තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 03,(LNW) කොළඹ :

හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව බංගලාදේශයට එරෙහිව තියුණු තරගයක නිරත වෙමින් කඩුලු 3 ක ජයක් ලබමින් අවසන් තරගයට පිවිසෙන්නට අවස්ථාව උදා කර ගත්තා.ඒ අනුව අනෙක් අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ජයගත් පකිස්තානය අවසාන තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලියේ පළමුවරට ලකුණු සියය ඉක්මවමින් මේ තරගයේදී බංගලාදේශය ලකුණු 103 ක් ලබා ගන්නට සමත් වුණා.තරිඳු රත්නායක තරගාවලියේ ඉණිමක හොඳම
පන්දු යැවීම සටහන් කරමින් පන්දු ඕවර් 2 ක් යවමින් ලකුණු 33 ට කඩුලු 4 දවා ගන්නට සමත් වුණා.

තරිඳු දාබරේ වෙනුවට මේ තරගයට කැඳවා තිබුණු නිමේෂ් විමුක්ති පන්දු යැවීමේදී ලකුණු 9 ට කඩුල්ලක් දවා ගැනීමට අමතරව පිත්තෙන් ද ජයග්‍රහණය සහතික කරමින් පන්දු 4 දී නොදැවී ලකුණු 12 ක් රැස් කරන්නට සමත් වුණා.තරගාවලියේ නීතිවලට අනුව අර්ධ අවසන් පූර්ව තරගයේ දී මෙන්ම මේ තරගයේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතාවය දැක් වූ සඳුන් වීරක්කොඩි නොදැවී ලකුණු 50 ක් ලබා පිටියෙන් ඉවත් වුණා.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දී ජයගත් තරග හතරෙන් තුනකදීම දක්ෂතම ක්‍රීඩකයා නම් කිරීමට පන්දු යැවීමද හේතු වූ බව සහතික කරමින් ලකුණු 33 ට කඩුලු 4 ක් ලැබූ තරිඳු රත්නායක තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වුණා.තරිඳු මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර කඩුලු 6 සමඟින් දෙවන තැන සිටිනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...