කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 20ක පිටපත් තමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ, අද (03)පාර්ලිමේන්තු සභාවාරය අමතමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පෙත්සම් ගොනු කර තිබේ.


