සියයට එකක්වත් ෆිට් නැත්නම් මම ගහන්නෙ නැහැ – ඇරොන් ෆින්ච්

ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය පමණක් නොව හොඳ ලකුණු වේගයකුත් අවශ්‍යය මොහොතක ඇෆ්ගනිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියානු නායකයා ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් තිබෙනවා.ඇරොන් ෆින්ච් පවසන්නේ ඔහු සියයට එකක හෝ ශාරිරික යෝග්‍යතාවයක් නැතිනම් හෙට තරගයට ක්‍රීඩා නොකරන බවයි.පාදයේ කලවය ප්‍රදේශයේ ඇති වී තිබෙන ආබාධයක් නිසා පීඩා විඳින ෆින්ච් බොහෝ විට මේ ලෝක සූරතා තරගාවලියෙන් පසුව විස්සයි විස්ස පිටියට සමුදෙනු ඇති බව පැවසෙනවා.

මේ නිසා හෙට තරගයේදී හොඳ ලකුණු වේගයක් රඳවා නොගතහොත් ඕස්‍ට්‍රේලියාව තරගාවලියෙන් ඉවතට වීසි වෙන්නට ඉඩ තිබෙන අතර එසේ වුවහොත් හෙට ෆින්චිට ලැබෙන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන විස්සයි විස්ස තරගය වෙන්නටත් ඉඩ තිබෙනවා.

නමුත් ෆින්ච් හොඳ ආදර්ශයක් දෙමින් තමන්ගේ පෞද්ගලික අරමුණු සහ අභිප්‍රායන් පසෙක දමා ක්‍රීඩාවෙන් සමුගන්න මොහොතේදී ත් සිය ජාතික කණ්ඩායමට සියයට සීයක් ලබා දිය නොහැකිනම් ක්‍රීඩා නොකරන්න තීරණය කිරිම ක්‍රීඩාවට හොඳ ආදර්ශවත් ක්‍රීයාවක් වෙනවා.ෆින්ච් මෙන්ම ටිම් ඩේවිඩ් ද හොඳ තත්ත්වයක නැති නිසා ක්‍රීඩා කිරීමට ඇත්තේ සුළු ඉඩක් පමණයි.මේ තත්ත්වය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දක්ෂතා ඉදිරියේදී ඕස්ට්‍රේලියාවට පහසු වන එකක් නැහැ.

එය අවසන් පූර්ව තරගය ගැන ඉව අල්ලමින් සිටින ශ්‍රී ලංකාවට යහපත් පණිවිඩයක් වන නමුත් ඔවුන් 95 වන දා එංගලන්තයට එරෙහිව ජය ලබා ගැනීම අනිවාර්ය වෙනවා.


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...