Miss.Argentina සහ Miss.Puerto Rico දේදුන්නට පාට තැබූ වගයි!

Date:

සුරූපී කාන්තාවකගේ අත ගැනීමට බොහෝ පිරිමි බලාපොරොත්තුවෙන් සිටින සමයක මෙය ඔවුන්ගෙන් සුලු පිරිසකගේ හිත් බිඳෙන කතාවකි.

එනම්; Miss.Argentina හෙවත් මරියානා වරෙලා සහ Miss.Puerto Rico හෙවත් ෆැබියෝලා වැලන්ටින් සමඟ සිදු වූ අපූරු විවාහය පිළිබඳවයි. ඔවුන්ගේ වයස පිළිවෙලින් 26 ක් සහ 22 ක් වේ.

ඡායාරූප; India Today

මරියානා සහ ෆැබියෝලා මේ පිළිබඳ සමාජ මාධ්‍ය කලඹමින් තම ඉන්ස්ටග්‍රෑමයෙහි පෝස්ටුවක් පල කර ඇත. එමෙන්ම ඔවුන් වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යඔස්සේ නිකුත් කර තිබුණි.

ඔවුන් මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරඟයේදී මුණගැසී පසුව සම්බන්ධතාවයක් ඇති කරගත් අතර එහි රහස්‍යභාවය වසර දෙකක් තිස්සේ තබා ගනිමින් සිටියද දැන් ඔවුන් නීත්‍යානුකූලව එක්ව හමාර ය. ඔවුන් 2022 ඔක්තෝබර් 28 වන දින පෝටෝ රිකෝ හි සැන් ජුවාන් හි විවාහ කාර්යාංශයේදී මෙලෙස විවාහවිය.

විවාහයට පෙර ඔවුන්ගේ ගිවිස ගැනීම ඉතාමත් අලංකාර රෝමාන්තික බව හඟවන ආකාරයේ අත්දැකීමක් විය.

රතු සහ සුදු යන පැහැයන්ගෙන් යුත් බැලූන් වලින් පිරුණු කාමරයක් තුළ පසෙක රන් පැහැයෙන් “Marry Me” ලෙස රඳවා එම විවාහ යෝජනාව සිඳු කර තිබුණි.

ඡායාරූප;people
ඡායාරූප; people

ඔවුන්ගේ විවාහය පිළිබඳව බොහෝ දෙනා සුභ පැතුම් එක් කර ද තිබූ අයුරු සමාජ මාධ්‍යන් තුළින් දැකගත හැකි විය.

“සියලු දෙනාගේ ආදරයට ස්තූතියි! අපිට බොහොම සතුටුයි සහ ආශිර්වාදයක්! ඔබ අපට දෙන ආදරය තව තවත් වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! නිමක් නැති ස්තුතිය” ප්‍රකාශ කරමින් මරියානා ඇයගේ ස්තූතිය ප්‍රකාශ කළාය.

නමුත් ලෝකයෙහි එකිනෙකාට වෙන් වෙන් වශයෙන් වූ සම්ප්‍රදායන්, සිතුම් පැතුම්, ආකල්ප මත රාමුවකට කොටු නොවී සිටිය යුතුය. මෙලෙස අදහස් හරිඅපූරුවට ගැලපුන අවස්ථාවක් ලෙස මරියානා සහ ෆැබියෝලා ලොවට ආදර්ශයක් සපයයි.

ඡායාරූප; අන්තර්ජාලය

ඉතින් මරියානා සහ ෆැබියෝලා ඔබට සුභ අනාගතයක්!

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...