අනුර මහජන බලාපොරොත්තු සුණු විසුණු කරලා – සජිත්

Date:

කොළඹ LNW:මැතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාවට පොරොන්දු ලබා දෙමින් ජනතාවගේ අපේක්ෂා ඉහළටම ඔසවා තබා ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ ජනතාවට ලබා දුන් සියලු බලාපොරොත්තු කඩ වුණු යුගයක් උදා වී ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පොඩි මිනිසාට සේවය කරනවා යැයි කියා ජනතාවගේ කරපිටින් පත් වූ රටේ ජනාධිපතිවරයා අද ජනතාවට ලබා දුන් ඒ අහිංසක බලාපොරොත්තු ටික දිනෙන් දින කඩ කරන යුගයක සිටින බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

විදුලි බිල අඩු කිරිම,අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා යැයි පැවසීම, පාස්පෝට් පෝලිමට විසදුම් ලබා දීම, වැට් ඇතුළු බදු අඩු කිරීම, ඉන්ධන මිල අඩු කිරීම යන කරුණු යෝජනා කළද ඒ කිසිවක් නොකළ බවත් ඒවා කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් විධායක ජනාධිපතිවරයාගේ නියමයෙන් ඒවා කිරීමේ හැකියාව තිබියදී ඒ කිසිවක් නොකරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

තවද අද වන විට අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු පොල් ගෙඩිවල මිල පවා ඉහළ ගොස් පොල් පෝලිම් පවා ඇතිව තිබෙන හෙයින් මුසාවෙන් මුලාවෙන් ජනතාව මුලා කරමින් සිටින බවයි හෙතෙම පවසන්නේ.

ජයග්‍රහණය කළ සැණින් තෙල් මිල සූත්‍රය අහෝසි කරනවා යැයි කියපු වත්මන් ජනාධිපතිවරයා මේ වන විට තෙල් මිල සූත්‍රයේ වහලෙක් බවට පත්ව ඇති බවත් තෙල් අඩු කළත් අඩු කර ඇත්තේ ධනපතින් භාවිතා කරන වාහන වලට අවශ්‍ය ඉන්ධනවල බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියාසිටියි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ උතුරු කොළඹ පැවැති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...