ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඉදිරි වසරේ දෙස් විදෙස් තරග සහ ජාත්‍යන්තර තරග වර්ගීකරණය

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 05,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මේ වසරේ දේශිය තරගාවලි පැවත්වෙන ආකාරය සහ ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් තරග කාල සටහනක් නිකුත් කර තිබෙනවා.මේ කාල සටහනට පැවත්වෙන දේශිය සහ ජාත්‍යන්තර තරගාවලි සඳහා ජාතන්තර මලල ක්‍රීඩා සංගමය විසින් දී ඇති වර්ගීකරණය කුමක්ද යන්නත් සඳහන් කර තිබෙනවා.


ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය මලල ක්‍රීඩා දක්ෂතා අනුව ලකුණු ලැබෙන ආකාරය සඳහන් කර ඇති ලකුණු ක්‍රමයක් පවත්වා ගෙන යනවා.ඊට අමතරව එම ලකුණුවලට තරගාවලිය ජාත්‍යන්තර වර්ගීකරණයේ අයත්වන්නේ කුමන තැනකට ද යන්න ද සැළකිල්ලට ගෙන ලකුණු ප්‍රමාණයක් එකතු වෙන ආකාරයේ ක්‍රමයක් ද සටහන් වෙනවා.ඔලිම්පික් වැනි ඉසව්වකදි ඒ ඒ ඉසව්ව සඳහා නිර්දේශ කරන ක්‍රීඩක සංඛ්‍යාවන් තෝරා ගැනීමේ ක්‍රමවේදය සඳහා සළකා බැලීමේදී මේ ආකාරයට එකතුවන ලකුණු වැදගත් වෙනවා.


එම තෝරා ගැනීම් සඳහා මූලක වශයෙන් සෘජුව දැක්විය යුතු දක්ෂතා සීමාවන් ලෙස පරිසාධන මට්ටමක් ඇතුළත් කරන අතර ඒ සීමාවට පැමිණීමට තරගය සඳහා නිර්දේශ කරන ක්‍රීඩක ප්‍රමාණය අසමත් වීම සාමාන්‍ය තත්ත්වයක් වෙනවා.එහිදි එම ප්‍රමාණයට අවශ්‍යය ඉතිරි ප්‍රමාණය තෝරා ගනු ලබන්නේ ක්‍රීඩකයින් තරග වඳින තරගවලදී ඉහක ආකාරයට දක්ෂතා මත ලැබෙන ලකුණු සහ තරගාවලි වර්ගීකරණයේදී ලැබෙන ලකුණු එකතුවෙන් සකස්වෙන ලකුණු ක්‍රමයක් මතයි. කාර්ය සාධන ලකුණු සටහනක් (PERFORMANCE SCORE) ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.


පාඨකයන්ට දැනුවත්ව මලල ක්‍රීඩා ඉසව් ජාත්‍යන්තර වර්ගීකරණය අනුව ලකුණු ලැබෙන හැටි වැදගත් වෙනවා.එවිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන තරග අනුව ඔවුන් කෙතරම් දුෂ්කරතා මැද ඔලිම්පික් වැනි සුදුසුකම්වලට ළගා වන්නේ ද යන්නත්,රුමේෂ් තරංග වැනි ක්‍රීඩකයෙක්ට ඔලිම්පික් නියෝජනය අහිමි වුණේ ඇයි ද යන්නත් තේරුම් ගන්න හැකි වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...