*
Saturday, December 7, 2024
spot_img

Latest Posts

අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ. හැබැයි අපිට ආණ්ඩුවේ වැඩපිළිවෙල දැනගන්න ඕනේ – සාගල

කොළඹ LNW: ජාතික ජන බලවේගය දේශපාලන දැන සිටියද රාජ්‍ය පරිපාලනය ගැන නොදන්නා බවත් එය බලය ගෙන මාසයක් යන විට පෙනෙන්නට ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා පැවසුවේය.

ඒ, අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

නව ආණ්ඩුව ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ගිය පාරේමද නැත්නම් වෙනත් පාරකද යන්න රටට ප්‍රකාශ කළ යුතුව ඇති බවයි සාගල රත්නයක මහතා කියාසිටියේ.

ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට කටයුතු නොකළද රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල අනාවරණය කරගනිමට බලපෑම් කරන බවද ඔහු සඳහන් කරන ලදී.

”මේ රජයේ රාජ්‍ය කිරිමේ පළපුරුද්ද නැතිකම මාසයක් යනතැන හොදින් පේනවා. ඒගොල්ලො දේශපාලනය හොදට දන්නවා රාජ්‍ය පරිපලනය දන්නෙ නෑ. දැන් රජයේ ඉන්නෙ එගොල්ලෝ. විපක්ෂයේ දේශපාලනය කරලා රාජ්‍ය පාලනය කරන්න බෑ. තෙල් වලින් 160ක් ඇමතිගේ සාක්කුවට යනවා කිවුවා දැන් ඒක යන්නෙ කාගේ සාක්කුවටද? රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කිවුවා ඒක කළේ නෑ. දැන් කියන්න රටේ ගමන් මාර්ගය මොකද්ද කියලා. රට වැටුණු වෙලාවේ භාරගත්ත රනිල් වික්‍රමසිංහ මහාතාට වැඩපිළිවෙලක් තිබුණා. මේ අයට අපි ආරාධනා කළා රට හදන්න. මේ ගොල්ලො කකුලෙන් අදින එක තමයි කළේ. දැන් රට නැවත අර්බුදයට යන ආකාරය තමයි පේන්නේ. අපි ආර්ථිකය ගොඩනගන්න ඕනා. ජීවන වියදම පාලනය කරන්න ඕනා. අනිත් කාරණය ප්‍රතිව්‍යුහගතකරණය කරපු ණය ගෙවන්න තව අවුරුදු කිපයකින් පටන් ගන්න ඕනා. ඒ සදහා ජනතාව පීඩාවට පත්කරන්න බෑ. මේ සදහා රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ පාරේ යනවද නැත්තම් වෙනත් පාරකද කියන එක කියන්න ඕනා ජනතාවට. දැන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමිය හරි හරියට හැප්පෙන්න හදනවා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධව. අගමැතිතුමිය කැබිනට් පත්‍රිකාවක් අයවැය ලේඛනයට යන විදිහවත් හරියට දන්නෙ නෑ. අපි මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න යන්නෙ නෑ. හැබැයි අපි බලපෑම් කරනවා මේ රට ගෙනියන වැඩපිලිවෙල මොකද්ද කියලා දැන ගන්න.අපි හොද කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවනවා.”

ඉදිරියේ දි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කර බිම්මට්ටමේ ශක්තිමත් කිරීමට ද කටයුතු කරන බවයි සාගල රත්නයක මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan