දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක් – ජනපති

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

බොහෝ මන්ත්‍රීවරුන් මහජනතාවගේ දේපොළ තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවත්, රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදුන් අයට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා වැඩදුරටත් පැවසුවේ ,

“පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතාම නිර්භිත ‍ධෛර්යවන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක්. රටේ සම්පත් බහුජාතික සමාගම්වලට විකුණලා දැම්මා. භාණ්ඩාගාරයේ ධනය හිතු හිතු සේ පාවිච්චි කළා. මහජනයාගේ දේපොළ ඒ විදියටම පරිහරණය කළා. මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් අවුරුදු 36කට පස්සේ ගේ බාර දීලා. ඉතින් බලන්නකෝ ඒ ගොල්ලෝ මෙහෙත් එහෙමයි කොළඹත් එහෙමයි. දැන් ආණ්ඩුවේ නිවෙස්වලින් ඉවත් කරගන්න අපි තීන්දුකරලා තියෙනවා නඩු දාන්න. ඒ ගොල්ලෝ දිගටම ආණ්ඩුවේ යැපුම් අය. මහජනයාගේ දේපොළ රිසි සේ එයාලගේ පෞද්ගලික දේපොළක් ලෙස පාවිච්චි කරපු අය. මේ රට මහා ණය උගුලක හිරකරපු අය. ඒ ගොල්ලෝ එයාලගේ පවුලේ උදවිය සහ ඒ ගොල්ලන්ගේ වටේ ඉන්න උදවියට පමණක් සේවයක් කරපු අය. මහජනතාව දුප්පත් බවේ පතුලටම බස්සවපු අය.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...