ගාලුමුවදොර පිටිය ගැන තීරණයේ වෙනසක්!

කොළඹ LNW:පිරිසිදු හා හරිත ගාලුමුවදොර පිටියක් යන සංකල්පය මත පදනම්ව ආගමික වැඩසටහන් සඳහා පමණක් වෙන්කර තිබු ගාලුමුවදොර පිටිය සෙසු ක්‍රියාකාරකම් සඳහා ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සංචාරකයන්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණිය හා ආරක්ෂිත ස්ථානයක් මෙන්ම මැයි දින සැමරුම්, සංගීත ප්‍රසංග ආදිය සඳහා ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2023 අප්‍රේල් 17 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයට අනුව ගාලුමුවදොර පිටිය ආගමික වැඩසටහන් පැවැත්වීම සඳහා පමණක් වෙන්කිරීමට තීරණයක් ගෙන තිබුණි.

කෙසේවෙතත් ගාලුමුවදොරපිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව රුපියල් මිලියන දෙකයි දශම පහත් තුනත් අතර මුදලක් වැයවන හෙයින් එම මුදල ආවරණය කර ගැනීමේ අරමුණින් සෙසු කටයුතු සඳහා ද එය භාවිත කිරීමට අවසර ලබාදීමට මේ වන විට තීරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...