හිස්බුල්ලාගේ බැටිකලෝ කැම්පස් වැඩ අරඹයි!

Date:

කොළඹ LNW: බැටිකලෝ කැම්පස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය සමඟ එක්ව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව දෙස් විදෙස් සිසුන් සඳහා එළඹෙන ජනවාරි මාසයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ වනු ඇති.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන්,හිටපු අමාත්‍ය බැටිකලෝ කැම්පස් හි නිර්මාතෘ ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එහි සමාරම්භය සිදුකර තිබුණි.

ඊට ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති,බැටිකලෝ කැම්පස් හි උපකුලපති සහ සභාපති ඇතුළු ආචාර්ය මහාචාර්යවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එක්ව ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද හමුදා භාරයට ගැනුණු හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා වෙත ඔහු විසින් ගොඩනගන ලද මඩකලපුව විශ්ව විද්‍යාලය නැවත ඔහු වෙත පසුගිය සැප්තැම්බරයේදී භාර දුන්නේය.

මෙලෙස එම විශ්ව විද්‍යාලය යළි හිස්බුල්ලා මහතා වෙත ලබා දී තිබුණේ ඔහු විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

පාස්කු ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදීන් සමග හෝ ආගමික අන්තවාදය සමග විශ්ව විද්‍යාලයට සම්බන්ධයක් නැති බව විමර්ශන වලදී තහවුරු වීම ද ඊට හේතුවක් වී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...