වෙඩි තැබීමක්, දෙදෙනෙකුට තුවාල!

0
481

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

අද (7) පස්වරුවේ වෙන්නප්පුව කිඹුල්ගාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර ඇති බවත්, මෙම ප්‍රහාරයෙන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බවත් , පොලීසිය පැවසීය. 

වෙඩි තැබීම සඳහා එක් පුද්ගලයෙකු පැමිණ ඇති අතර, ඔහු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.