රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW:
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ භයානක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
කොළඹ සිට නුවර බලා ධාවනය වූ වෑන් රථයක් වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුර හේතුවෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ස්ථානේදීම මියගොස් ඇත.
තවත් පුද්ගලයින් තරුණයින් සිව්දෙනෙකු තුවාල ලබා වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර, තුවාල ලැබූවන් අතර වෑන් රථයේ රියදුරුද වන බව වාර්තා වේ.


