සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ගෙන් CID ප්‍රකාශ සටහන් කර ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගේනවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06) ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නමැති ඖෂධ තොගයක් සැපයූ බවට වන චෝදනා මත අයිසෝලේස් බයෝටෙක් සමාගමේ හිමිකරු පසුගිය දා අත්අඩංගුවට ගෙන ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින්, ඇනවුම් කර ඇතැයි පසුගිය දා අනාවරණ වූ අතර , මුලින් මෙම එන්නත් කුප්පි ආනයනය කළ බවට ප්‍රකාශ වුව ද පසුව කරුණු වාර්තාවූයේ ඒවා රට තුළ නිපදවා ඇති බවටයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, සේලයින් හෝ ඊට සමාන ද්‍රවණයක් හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අලෙවිකර ඇති බවටයි. මෙම එන්නත් තොගයේ වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...