“Tournament of Minds” ලෝක කිරුළ ලාංකික වෛද්‍යවරුන්ට.

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් DC : LNW Tournament of Minds (ටූනමන්ට් ඔෆ් මයින්ඩ් ) ජාත්‍යන්තර තරගාවලියේ දී ලොව රටවල් 136 ක් අභිභවා මෙවර ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත්ව තිබේ.

මෙවර තරඟාවලිය ස්නායුවේදය පිළිබඳ ලෝක සම්මේලනයට සමගාමීව කැනඩාවේ මොන්ට්‍රියල්හි දී පැවැත්විණ.

මීට පෙර පැවැති තරගාවලියේදීද ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගත්හ.

මෙවර ලෝක ශූර ලංකා කණ්ඩායම ඉදිරිපත් වූයේ “Serendib Synapse” නමිනි. මෙවර තරගාවලියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂඥ ස්නායු වෛද්‍ය ඒ. ටී. අලිබොයි, ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය තෂි චෑන්ග්, ස්නායු විශේෂඥ වෛද්‍ය සේනක බන්ධුසේන හා ස්නායු විශේෂඥ වෛද්‍ය මංජුල කල්දේරා යන මහත්වරු සිව්දෙනා නියෝජනය කලහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වත්මන් සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ස්නායුවේදය පිළිබඳ ලෝක සමුළුවේදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...